බහු සංස්කෘතික අධ්යාපනය
''''තල් කොළයයි
පොල් කොළයයි
රටාවකට එකතු
කරල
වියමුද අපි
මල් පැදුරක්
ඒ පැදුරේ
වාඩිවෙලා
මුං කිරිබත්
පිගානකුයි
සාම්බාරු තෝසේ
එක්ක
උණු සාමෝස රස
බලමුද
මනෝහරන්
මල්ලියේ
රිස්වානා
නංගියේ''''
බහුජන
සංස්කෘතිය පිළිබඳ ප‍්‍රශ්නය සියල්ලට ම,පෙර, වෙනත් හා වඩා
මූලික ගැටලූවක් මතු කරන්නේ ය, එනම්, සමාජය හා සංස්කෘතිය
අතර ඉතා ගැටලූකාරී වන සම්බන්ධතාවයය. මෙම මුල් සම්බන්ධතාව කොතරම් ආශා සහගත වන්නට
ඇත්දැ යි දැන ගැන්මට හා එමගින්, යහපත් හා
විනීත සමාජයේ ස්වර්ණමය යුගයක් සඳහා බහුජන සංස්කෘතියේ බොහෝ විවේචකයන් දක්වන සියුම්
ආශාවෙන් ප‍්‍රවේසම් වීමට, යමෙකු කළ යුත්තේ,
නූතන කලාවේ සමස්ත ව්‍යාපාරය
ම, සමාජය යන්නටම
විරුද්ධ ව කලාකරුවාගේ
තදබල කැරැල්ලක් සමඟින් ආරම්භ වූයේ කොතරම් දුරකට ද යන්න සිහි ගැන්වීම පමණි. මෙම
ආශාව යුරෝපයේදී මෙන් නොව අමෙරිකාවේදී පුළුල්ව පැතිරීමට සරල හේතුව වන්නේ අමෙරිකාව,
අලූත් ධනවතුන් තුළ
සංස්කෘතිය කෙරෙහි ඇති ම්ලේච්ඡ අවරසිකභාවය ගැන පමණටත් වඩා දන්නා නමුත් සංස්කෘතිය
යන්න පුහු අගයක් ගෙන ඇති සහ සංස්කෘතිය යන්න එය අගය කිරීමට තරම් දැන උගත්ව සිටීමේ
තරාතිරම පිළිබඳ කරුණක් බවට පත්ව ඇති තැන වන යුරෝපීය සමාජයේද ඒහා සමානවම ඇති ප‍්‍රකෝපකාරී
සංස්කෘතික සහ උගත් අවරසිකභාවය ගැන යම්තම් පමණක් දැන සිටීමය. මෙම අත්දැකීම් හිඟබව,
අමෙරිකානු සාහිත්‍යය
හා චිත‍්‍ර ශිල්පය හදිසියේ ම නූතන කලා සංවර්ධනයේ තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කිරීමට
පත්ව ඇත්තේ ඇයි ද යන්න හා එය, බුද්ධිමය හා
කලාත්මක පුරෝගාමීන් විසින් විවෘත ව ම අමෙරිකානු විරෝධී ආකල්පයන්ට අනුගත ව ඇති රටවල
දී එහි බලපෑම දැනවීමට සමත් වන්නේ ඇයි ද යන්න පැහැදිලි කිරීමට පවා ඉඩ ඇත. කෙසේ වෙතත්,
නිරවද්‍යයෙන්ම
සංස්කෘතියේ ඉදිරි පෙළේ ම නියෝජිතයන් අතර, ‘සංස්කෘතිය’ යන වදනම මතු කරන්නේ යයි පෙනෙන ගැඹුරු ව්‍යාධිය
අවධානයට යොමු නොවීමට හෝ එහි නිමිති කාරී වැදගත් කමින් එය වටහා නොගැන්මට ඉඩ තිබීමේ
අවාසනාවන්ත ප‍්‍රතිඵලය එහි ඇත.
Hd/med/16/17/030
Hd/med/16/17/030
No comments:
Post a Comment