Wednesday, November 1, 2017

ජාතික ඒකාබද්ධතාවය සඳහා බහු සංස්කෘතික අධ්‍යාපනය

ජාතික ඒකාබද්ධතාවය සඳහා බහු සංස්කෘතික අධ්‍යාපනය

බහු සංස්කෘතික අධ්‍යාපනය යන්නෙන් ගම්‍ය වන්නේ ජාති, ආගම්, කුල පන්ති ආදි වාර්ගික බේද වලින් තොරව සැමට සමාන අධ්‍යාපන අවස්ථාවන් සලසා දීමයි. බහු සංස්කෘතිය, ජාතික ඒකාබද්ධතාව, සම අධ්‍යාපන අවස්ථා සම්පාදනය යන මේ සියල්ලම එකිනෙකට අන්තර් සබඳතා දක්වන පුළුල් සංකල්පයන් වෙති' විවිධ සංගීත භාණ්ඩවලින් නැගෙන හඬවල් විවිධ වුවද එම සියළු භාණ්ඩ එකවර කිසියම් සංගීත රටාවකට අනුව සුසංයෝජනය වීමෙන් අපූර්ව සංගීත සංධ්වනියක් නිර්මාණය වන්නා සේ සියලු සංස්කෘතික විවිධතාවයන් නොසලකා හැර පොදු මානව ව්‍යවහාරය භාවිතයට පැමිණි කළද ඉන් විෂද වන නවමු සමාජ පැතිකඩ මානව පරිණාමයේ සුවිශේෂි කඩඉමක් පසු කරනු නියතය.

විවිධ වාර්ගිකයන් බහුල ඇමෙරිකා සමාජය බහු සංස්කෘතියකින් එක් කිරීමේ %මවේදයසැලියේ උණු කිරීමේ න්‍යා” (melting pot theory) ලෙස හඳුන්වා ඇත. විවිධ රටවලින් සංස්කෘතීන්ෙගන් පැමිණෙන සියලුදෙනා අමෙරිකානුවන් බවට පත් කිරීමට අමෙරිකානු අධ්‍යාපනය සමර්ථ වී තිබේ.
Henry steel commager  නම් ඉතිහාසඥයා පවසා ඇත්තේ සෑම සංක%මණිකයෙකුටම අමෙරිකානුවකු බවට පත්කිරීම අමෙරිකානු අධ්‍යාපනයේ ජයග%හණයක් බවයි.

රටක ජනතාව ජාතිය, ආගම, භාෂාව ආදි වාර්ගික බේදයන් නොසලකා ආර්ථික, සමාජීය හා සංස්කෘති වශයෙන් එක් සිත්ව හා එක්සත්ව ක්‍රියා කිරීම ජාතික ඒකාබද්ධතාවයයි. එක් ජාතික ධජයක්,එක් ජාතික ගීතයක් හා එකිනෙකාගේ අනන්‍යතාවයට ගරු කරන පාලන ව්‍යුහයක් ගොඩ නැංවී තිබීම ජාතික ඒකාබද්ධතාවයක මූල බීජය වේ. 1961 දී ඉන්දියානු රජය චිත්තවේගීය ඒකාබද්ධ කමිටුවක් පත් කොට  (the comitee on emotional integration)  ජාතික සංහිඳියාව සඳහා අධ්‍යාපනය තුළින් ඉටුකළ යුතු කාර්යයන් ඉදිරිපත් කොට තිබේ. ශ්‍රී ලංකාව ජාතික සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා (Ministry of national co-existence dialogue and official) නමින් අමාත්‍යාංශයක් පිහිටුවා ඇත. මීට අමතරව ජාතික ඒකාබද්ධතා හා සාම අධ්‍යාපනය නම් ඒකකයක් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ  ක්‍රියාත්මක වේ.

විවිධ විෂමතාවයන්, විවිධත්වයන් සහිත සමාජයක දේශපාලන ආර්ථික සමාජීය සංස්කෘතික හා අධ්‍යාපනය ආදි සෑම අංශයක්ම පෝෂණය වීමෙන් රටේ දියුණුව සැලසෙයි . රටක ඇති අනාගත දැක්ම (vision)හා දේශපාලන අධිෂ්ඨානය (political will) සඳහා වැදගත්ය. අනේක බෙදීම් වලින් යුක්ත සමාජයකට එසේ එක්වීම දුෂ්කරය. පසුගිය වසර 5000 තිස්සේ මානව වර්ග යුද ගැටුම්  145000 කට සම්බන්ධ වී ඇති බවත්, මිලියන 3600 ජනතාවක් සමූඝාතනය කොට ඇතැයි යනුවෙන් නෝමන් කසින්ස් (norman cousins)නම් ලේඛකයා සඳහන් කොට ඇත. අනුව ලෝකයේ සංවර්ධනයට බලපාන %බල බාධකයක් ලෙස යුධ ගැටුම් හා ජනවාර්ගිකත්වය සැලකේ. වාර්ගික ගැටුම්වල මූලය ජාතිය, ආගම, භාෂාව හෝ දේශ සීමාව වේ. අධ්‍යාපනයේ කාර්යය භාරය වන්නේ මිහිතලය මත ජීවත් වන සියල්ල විවිධත්වයන් ගරුකරන හා ස්වකීය අනන්‍යතාවයක් නිර්මාණය කිරීමයි. බහු සංස්කෘතික අධ්‍යාපනයේ අරමුණද එයයි.

ශ්‍රී% ලංකාව 1992 ජාතික අධ්‍යාපන කොමිසම මඟින්ක්‍රියාශිලි ජාතික ඒකාබද්ධතාවයක්, ජාතික අනන්‍යතාවයක් හා ජාතික සමඟියක් ඇති කිරීමඅධ්‍යාපනයේ පුළුල් ජාතික අරමුණක් ලෙස නම් කළේය. වත්මන් ජාතික පොදු අරමුණු අතරද ක්‍රි%යාශීලි ජාතික ඒකාබද්ධතාවයක් ගොඩනැගීම ලෙස සටහන් වේ. ඒකීය සංස්කෘතික අධ්‍යාපනය සමඟ බහුවිධ සංස්කෘතික අධ්‍යාපනයක්ද ලබාදිය යුතු බව රැල්ෆ් ලින්ටන් නම් මානව විද්‍යාඥයා %කාශ කලේය. “ස්වකීය සංස්කෘතිය හැර අනෙකුත් සංස්කෘතිය නොදන්නො ස්වකීය සංස්කෘතියද නොදන්නො වෙතියනුවෙන් බහු සංස්කෘතික අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව ඔහු අදහස් දැක්වීයවර්ෂ 1996 %කාශයට පත්කල යුනෙස්කො ජාත්‍යන්තර අධ්‍යාපන කොමිසම් වාර්තාවේ සඳහන් කුළුණු 04 න් එකක් වන්නේඑක්ව ජීවත් වීමට ඉගෙනීම’ (learning to live together) යන්නයි.

බහු සංස්කෘතික අධ්‍යාපනය %චලිත කිරීමෙන් ජාතික ඒකාබද්ධතාවය ගොඩනැඟීමට අවස්ථාව ලබාගත් රටක් ලෙස සිංගප්පූරුව නම්කළ හැකිය. ආර්ථික වර්ධනය අතින් සිංගප්පූරුවට දෙවෙනි වුවද මලයාසියාව බහු සංස්කෘතික අධ්‍යාපනයෙන් පෝෂණය ලද රටකි. අසල්වැසි ඉහල ජන ඝනත්වයක් හා සංස්කෘතික විවිධත්වයෙන් පොහොසත් ඉන්දියාව මෙම බාධකය දුරු කරගැනීමට සෑම ඉන්දියානුවෙකුටම ඉංග්රීසි, හින්දි, %න්ත රාජ්‍ය භාෂා උගන්වයි. සාමකාමීව හා අවබෝධාත්මක සමාජයක් සඳහා භාෂාමය සන්නිවේදනය ඉතා වැදගත්ය. ළමා වයසේ දී වාර්ගිකත්වය පිළිබඳව ඇති මානසික බාධක ඉවත් කිරීමට අධ්‍යාපනය වැදගත් සාධකයකි. අමෙරිකා එක්සත් ජනපදය පර්යේෂණයන් මඟින් සුදු ජාතික ළමයින් කළු ජාතික ළමයින් පිළිබඳව අවිචාරක හැගීම හා සමාන්‍යකරණය ලද දැඩි හැඟීම් (prefudices and stereostypes)ඇති වන්නේ කුමන වයසේද යන්න තහවුරු කරගෙන පාසලේ දීම එයට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරයි.

විවිධ භාෂා ඉගැන්වීම,විවිධ සංස්කෘතීන් අත්දකින්නට සැලැස්වීම, සංස්කෘතික උත්සව අවස්ථාවන්ට සහභාගී වීම, ගැටුම් නිරාකරණය, %ජා සේවය, %ඩා හා රසවින්දනාත්මක වැඩසටහන්, පරිවර්තන සාහිත්‍ය කෘති කියවීම වැනි පාසල් සිසුන්ට නිරත විය හැකි විෂය බාහිර %යාකාරකම් මඟින් ඉතා පහසුවෙන් ජාතික සංහිඳියාව ඇති කිරීමට පියවර ගත හැකිය. පසුගිය කාලය තුළ ශ්‍රීලංකා රජය
1.         දෙනුවර මිතුරෝ වැඩසටහන
2.         ජාතික භාෂාවට අමතරව දෙවන බස ඉගැන්වීම
3.         ද්වි මාධ්‍ය භාෂා අධ්‍යාපනය
4.         උතුරු මිතුරු වැඩසටහන
වැනි පියවර අනුගමනය කරමින් බහු සංස්කෘතික අධ්‍යාපනයට දොරටු විවර කර තිබේ.

            

No comments:

Post a Comment