බහු සංස්කෘතික
අධ්‍යාපනය
අසාධාරණයට ලක්
වූ නැත හොත් පීඩිත සමාජ කොටස් නියෝජනය කෙරෙන සිසුන් පාසල් අධ්‍යාපන ක්‍රියාවලියේදී
සාමුහිකව වැඩ කිරීම සදහා යොදා ගන්නා ක්‍රියාවලීන් සමුදායක් සදහා බහු සංස්කෘතික
සංකල්පය යොදා ගත හැක.
සමාජයක්
තුළ විවිධ ආගම් විවිධා භාෂා,විවිධ කුළ,විවිධ ආර්ථික
මට්ටම්,ඇති විවිධ
ජාතීන් ජීවත්වන විට බහු විධ සමාජ ලෙස නම් කරයි.
මෙසේ ජාති
වශයෙන්,වර්ග වශයෙන්,ආගමික වශයෙන්,භාෂා වශයෙන්
කුල වශයෙන් බෙදී තිබෙන එහෙත් එකට ජීවත්වන
සමාජ බහු සංස්කෘතික සමාජයන් වේ.
21 වන සියවසේ ගෝලීයකරණය වූ සමාජයක් තුළ
ඇතිවන්නා වූ ගැටළු වලට විසදුම් සෙවීම කළ යුතුය.බහු සංස්කෘතියක් තුළ ඇති වන මෙම
ගැටළු වලට පිළිතුරු සෙවිය හැක්කේ බහු සංස්කෘතික අධ්‍යාපනයක් තුළිනි.
විවිධ භාෂා
කථා කටන,විවිධ ආගම්
නියෝජනය කෙරෙන එසේම විවිධ ජන කොටස්වලට අයත් වන ශිෂ්‍යයාට එක හා සමාන වූ අධ්‍යාපන
අවස්ථාවක් ලබා දීම බහු සංස්කෘතික අධ්‍යාපනය
තුළින් සිදු වේ,මෙහිදී විවිධ
සංස්කෘතීන් වලට අයත් පුද්ගලයන්ගේ සාහිත්‍යයන්,අගයන් හා පර්යාලෝකනයන් අන්තර්ගත වන
ආකාර්යෙන් ඉගැන්වීම කරනු ලැබිය යුතුය.මෙම
ස්ත්‍රී පුරුෂ බව,සමාජ පන්තිය,වර්ගය,ජාතිය හා
සංස්කෘතික ගති ලක්ෂණ නොසලකා හැර සෑම සිසුවෙකුටම අධ්‍යාපනය ලැබීමට සමාන අවස්ථා ලබාදීම කළයුතුය.
මෙසේ අධ්‍යාපනය
ලබා දීම තුළින් ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන්නාවූ අරමුණු කීපයකි.
1.සිසුන්ට තමන්ගේ මෙන්ම අන්‍ය සංස්කෘතීන්ට සහ
අගයන්ට ගරු කිරීමට ඉගැන්වීම
2.බහු සංස්කෘතික සමාජයක් සාර්ථකව ක්‍රියාකාරී
වීම සදහා ඉගෙනීමට සියළු ළමුන්ට උදව් කිරීම.
3.වර්ගවාදය මගින් පීඩා විදින ළමයි තුළ ශුභවාදී
ආත්ම සංකල්පයක් ඇති කිරීම
4.විවිධ සංස්කෘතීවලට අයත් මිනිසුන් සමග සමස්ත ප්රහාව
තුළ සිවිශේෂී කොටස් වශයෙන් එකට වැඩ කිරීමට දිරිමත් කිරීම
No comments:
Post a Comment