බහු සංස්කෘතික අධ්‍යාපනය
බහු සංස්කෘතික අධ්‍යාපනය යනු
1970/80 දශකයේ පමණ ලෝකයේ නව තාවයන් හා සමග බහු
සංස්කෘතික අධ්‍යාපනය ගැන කතාවෙන්නට පටන් ගත්තේය. මේ සදහා හේතු වූයේ සමාජය දිනෙන්දින
සංකීර්ණ වීමය. එකම රටක බහු සංස්කෘතියක් පැවතීම තුළ එකට ජීවත්වීමේ දී ඇතිවන
මතවාදයන් හා ගැටුම් අවම කරමින් සාමකාමී සමාජයක් පවත්වාගනිමින් යාමට මෙම සංකල්පය අධ්‍යාපන
ක්ෂෙත්‍රයේ ක්‍රියාත්මකවීම ආරම්විය.
බහු සංස්කෘතික අධ්‍යාපනයක් පවතින්නේ බහු
සංස්කෘතික් පවතින සමාජයේය. බහු සංස්කෘතික සමාජයක් ඇතිවීම කෙරෙහි කරුණු ගණනාවක් ම
බලපාන්නේය.
- ස්වභාවික ජන සංක්‍රමණ
- දේශගවේෂණ
- වෙළදාම.
- වෙළදමාර්ග සොයා ගැනීම.
- වහලුන් හා ශ්‍රමිකයන් රැගෙනයාම.
- අධිරාජ්‍යවාදය
යන කරුණු ගණනාවක් ම බලපාන්නේය.
මෙසේ ගොඩනැගෙන බහු සංස්කෘතික සමාජයක ලක්ෂණ 03 ක්
දැකිය හැකිය.
- බහු ජාතික සමාජය
- බහු භාෂීය සමාජය
- බහු ආගමික සමාජය වශයෙනි.
මෙවැනි ලක්ෂණයන්ගෙන් සමන්විත සමාජයක ක්‍රියාත්මක
අධ්‍යාපනය බහු සංස්කෘතික අධ්‍යාපනය ලෙස හැදින්වේ. අධ්‍යාපනයේ දී සියලු ම
විවිධත්වයන් සලකා බලමින් ඉගැන්වීම් කටයුතුවල නිරතවන අධ්‍යාපනය බහු සංස්කෘතික අධ්‍යාපනය
ලෙස හැදින්වේ.
බහු සංස්කෘතික අධ්‍යාපනය පිළිබද විවිධ නිර්වචනයන්
ඇත.
'විවිධ සංස්කෘතීන් වලට අයත් පුද්ගලයන්ගේ සාහිත්‍ය
අගයන් හා පර්යෙවලෝකනයන් අන්තර්ගතවන ආකාරයෙන් ඉගැන්වීම' බහු සංස්කෘති අධ්‍යාපනයයි.
- Banks and Banks ( 1995
) -
මේ අනුව රටක අධ්‍යාපන ප්‍රතිපත්ති මගින් මේ සෑම
සංස්කෘතියකට ම ගරුකරන ගරුකළ හැකි අධ්‍යාපන ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීම බහු
සංස්කෘතික අධ්‍යාපනය ලෙස හැදින්විය හැකිය. මෙසේ යොදාගන්නා අධ්‍යාපන ප්‍රතිපත්ති
මගින් තුන් ආකාරයක බලපෑමක් ලැබෙන බව පිළිගැනීමයි. එනම්
- අධ්‍යාපනය මගින් බහු සංස්කෘතික පරතරය තුනී කිරීම.
- සියලු ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබා දී වෙනස පවත්වාගෙන යාම.
- සමාජයේ පවත්නා උස් පහත් භේදය ඒ ආකාරෙයන් ම පවත්වාගෙන යාම.
එක් එක් රටවල් මෙම ක්‍රමවේදයන්ට අනුව යමින් මින්
කුමක් හෝ අනුගමනය කරමින් කටයුතු කරන්නේ ය.
බොන් කේ බහු සංස්කෘතික අධ්‍යාපනය ගැන මාන පහක්
පෙන්වා දී ඇත.
- විෂයමාලාවේ අන්තර්ගතය
- දැනුම සංවර්ධනය කිරීම.
- පූර්ව නිගමනවල එල්බ සිටීම අවමවීම.
- ඒකීයත්වයක් ඇතිවන ආකාරයෙන් කටයුතු කිරීම.
- පාසල් සංස්කෘතිය බල ගැන්වීම.
මෙම මානයන් බල ගැන්වීම මත බහු සංස්කෘතික අධ්‍යාපනය
ද බල ගැන්වෙනු ඇත. මේ අනුව බහු සංස්කෘතික අධ්‍යාපන ක්‍රියාවලිය ශිෂ්‍යයා තුළ එය
අගය කරන සිතුවිලි ගොඩනැගීමට මෙන් ම ක්‍රියාකාරීත්වය තුළින් ප්‍රකට වන පරිදි
ගොඩනැගිය යුතුය. මේ සදහා බොහෝ ක්‍රියාකාරකම් අධ්‍යාපන පද්ධතිය තුළ සිදු කළ යුතු
වන්නේය.
- හැම මානව කණ්ඩායමකටම ගරු කිරීම.
- විෂයමාලා සමාන අවවස්ථා ලබාදීම.
- පාසල්වලට භව්තික සම්පත් සමානව ලබාදීම.
- ජාති ආගම් සංස්කෘතිකමය වශයෙන් ඇති මතයන් පොදු මතයකට ගෙනඒම.
- පීඩාවට පත්ව සිටින ශිෂ්‍යයින් බල ගැන්වීම
- ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීන කිරීම.
- සෑම ශිෂ්‍යෙයකු තුළම ඉහළ බලාපොරොත්තු ඇති කිරීම.
මේ අනුව මෙම ක්‍රියාකාරකම් මගින් අධ්‍යාපනය
තුළින් බහු සංස්කෘතීන් ට ගරුකරන සමාජයක් ගොඩනැංවීමට අවශ්‍ය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය
ක්‍රියාත්මක කිරීම බහු සංස්කෘතික අධ්‍යාපනය ලෙස හැදින්වේ.
02. බහු සංස්කෘතික අධ්‍යාපනය ශ්‍රී ලංකාවෙ ක්‍රියාත්මක
වන අකාරය
ශ්‍රී ලංකාව යනු බහු සංස්කෘතික රටකි. බහු ජාතීන්
සිටින, බහු භාෂා කථාකරන, බහු අගමිකයන් සිටින ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික රාමුව තුළ
කෙතෙක් දුරට බහු සංස්කෘතික අධ්‍යාපනික සංකල්පයන් ක්‍රියාත්මක වන්නේ දැයි විමසා
බැලීමේ දී අඩු වැඩි වශයෙන් ලක්ෂණයන් දැකිය හැකිය. එහි දී
මූලික වශයෙන් පාසල් වර්ගීකරණය පිළිබද අවධානය යොමු කළ යුතුව ඇත. ලංකාවේ පාසල් ජාතීන්
හා ආගමිකයන් වශෙයන් බෙදා ඇත. මෙම විෂමතාවය පවත්වා ගනිමින් ම නොයෙක් යෝජනා ඉදිරිපත්
වෙමින් ක්‍රියාත්මක කරන්නේ ය. ඒවා පහත සදහන් පරිදි සාකච්ඡා කළ හැකිය.
- පාසල් වර්ගීකරණය
- පාසල් නාම කරණය
- විෂය නිර්දේෂ
- කලාත්මක විෂයයන් මගින්
- විෂය සමගාමී ක්‍රියාකාරකම්
- දෙවන බස හදුන්වා දීම.
- ද්වී භාෂා සංකල්පය හදුන්වා දීම.
- භාෂා ප්‍රවීනතා හදුන්වාදීම.
- ළමා මිතුරු පාසල් සංකල්පය
- අන්තර්කරණ අධ්‍යාපනය
- සිංහල පාසල්
- මුස්ලිම් පාසල්
- දෙමළ පාසල්
- ජාත්‍යන්තර පාසල් (ඉංග්‍රීසි)
- සිංහල බෞද්ධ පාසල්
- සිංහල කතෝලික පාසල්
- හිංදු පාසල්
වශයෙන් නාම කරණයන් ට ලක් වී ඇත. මෙම පාසල්
සංස්කෘතිය නිසා ම සමාජ සංහිදියාව ඇතිකිරීමේ බාධා මතු වන්නේය.
කෙසෙ වෙතත් මෙම පරස්පරතාවයන් දුරලා සංස්කෘතීන්
අතර සමීප බවක් ඇතිකිරීමේ අරමුණින් ප්‍රතිපත්ති හා වැඩසටහන් ගණනාවක් ම ක්‍රියාත්මක
වන්නේය. ඒ අතර පාසල් විෂයමාලාවෙන් හා විෂය බාහිර ක්‍රියාකාරකම් තුළට ජාතික උත්සව
හා ආගමික උත්සව සංවිධානය කිරීම ප්‍රමුඛ වැඩසටහනකි. මෙහි දී හිංදු පාසලක සිංහල
ළමුන් සම්බන්ධ කරගනිමින් සිංහල අවුරුදු උත්සවයක් සංවිධානය කිරීම ද සිංහල පාසලක
දෙමළ ළමුන් සම්බන්ධ කරගනිමින් හිංදු අවුරුදු උත්සවයක් හෝ ආගමික උත්සවයක් සංවිධානය
කරමින් සංස්කෘතික රසාස්වාදනය ලබාදෙමින් සංස්කෘතික අගයන් බෙදාගැනීමේ අවස්ථාව
ලබාදෙන්නේය.
මීට
අමතරව දෙවන බස හදුන්වාදීම ද එක් බහු සංස්කෘතික අධ්‍යාපනික අංගයක් ලෙස හැදින්විය
හැකිය. සිංහල මාධ්‍යයෙන් ඉගෙනගන්නා දරුවන් දෙවන බස ලෙස දෙමළ භාෂාව ද දෙමළ භාෂාවෙන්
ඉගෙනගන්නා දරුවන් දෙවන භාෂාව ලෙස සිංහල
භාෂාව ද ඉගෙනගත යුතුව ඇත. පාසෙල් 09 ශෙණිය දක්වා අනිවාර්යයෙන් ම ඉගෙනගත යුතුය.
එසේම මේ වනවිට රාජ්‍ය සේවයේ නියුතු හා රාජ්‍ය සේවයට එන සේවකයින් සදහා දෙවන භාෂා ප්‍රවීනත්වය
ලබාගැනීම අනිවාර්ය කර ඇත. එය සාධනීය ප්‍රවේශක් ලෙස හදුනාගත හැකිය.
වර්තමානය වනවිට ජාතීන් අතර සන්නිවේදන පහසුව හා
සංස්කෘතික සහෙයෝගිතාවය වර්ධනය කරගැනීමට ද්විභාෂා සංකල්පය හදුවා දී ඇත. ඒ අනුව
මැදහත් භාෂාවක් ලෙස ජාත්‍යන්තර භාෂාවක් වන ඉංග්‍රීසි භාෂාව යොදාගනිමින් එයින් අධ්‍යාපනය
හැදෑරීමට අවස්තාව ලබාදී ඇත. මෙහි දී තම මව් බසට අමතරව ජාත්‍යන්තර භාෂාවක් හැදෑරීම
සිසුන් අතර සන්නිවේදන හා සංස්කෘතික සම්බන්ධතා ශක්තිමත් කිරීමට හේතුවනු ඇත.
වර්තමානයේ විශ්ව විද්‍යාල තුළ ද සංස්කෘතික සබධතාවයන් ශක්තිමත් කිරීමට බාධාවක් ව
පවතින්නේ භාෂා ප්‍රශ්නය නිසාය. මේ අනුව කුඩාකළ සිටම අතරමැදි භාෂාවක් ලෙස ඉංග්‍රීසි
භාෂාව ප්‍රගුණ කිරීම අනාගතයේ යහපත් ප්‍රතිඵල සහිතවීමට හේතු වනු ඇත.
මීට අමතරව පුරවැසි අධ්‍යාපනය විෂයය තුළින් රටේ
බලපවත්නා පොදු නීති පද්ධතිය හා ජාතීන් වශෙයන් බලපාන නීති ද හදුනාගත හැකිය. එසේ ම
මානව හිමිකම් හදුනාගනිමින් අනෙකාට ගරු කිරීමේ ගුණාංග ඉගෙනගනු ඇත. එසේ ම සවුන්දර්යය
විෂයන් මගින් ද බහු සංස්කෘතික අධ්‍යාපනය ලබා දෙන්නේය. චිත්‍ර, සංගීතය, නර්තනය වැනි
විෂයයන් මගින් අනෙක් සංස්කෘතීන් ට අදාළ චිත්‍ර සම්ප්‍රදායන්, සංගීත හා නර්තන සෛලීන්
හැදෑරීමේ අවස්තා ලබාදී ඇත. බහු සංස්කෘතික අධ්‍යාපනයේ තවත් සාධනීය ලක්ෂණයක් ලෙස ළමා
මිතුරු පාසල් සංකල්පය හා ප්‍රෙවේශය හැදින්විය හැකිය. එහි එන පළමු හා දෙවන මානයන්
මේ සදහා මූලික වශයෙන් ඉවහල් වේ. අන්තර්කරණ අධ්‍යාපනය ද මේ සදහා යහපත් ප්‍රවෙශයකි.
ඒ අනුව භාෂා, ආගමික, කායික හෝ මානසික වෙනස්කම් නොසලකා එකම පංති කාමරයක ඉගෙනීමේ
අවස්තා ලබා දී ඇත.
බොහෝ පාසල් ඒ ඒ පාසලේ සංස්කෘතියට අනුව යමින්
උදෑසන ආගමික වතාවත් කරන අතර සමහර බහු සංස්කෘතිය අගයන පාසල් තමාගේ කැමැත්ත පරිදි ආගම
සිහිකර ගැනීමට අවස්තාව සලසා දී ඇත. එසේ ම
සර්වාගමික සංකේත පාසල් තුළ ප්‍රදර්ශනය කිරීම ද මෙහි තවත් එක් සාධනීය අවස්තාවකි.
මෙසේ කරුණු ගණනාවක් ම ලංකාවේ බහු සංස්කෘතික අධ්‍යාපනික
සංවර්ධනය කෙරෙහි ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙන්වාදිය හැකිය.
බී.ඉන්දසුමන හිමි
HD/MED/16/17/035
Very important
ReplyDelete