Sunday, October 29, 2017

බහු සංස්කෘතිය යනු 1861 දී ලියන ලද ප්‍රාතමික සංස්කෘතිය  නම් කෘතියේ රිතාන්‍ය මානව විද්‍යාඥ ebay triler "සමාජයේ සාමාජිකයන් වශයෙන් මිනිසා විසින් අගය කරන්නා වූ පරිණත දැනුම .විශ්වාස .කලා .සදාචාර .නීතිය .සිරිත් හා අනිකුත් සියලු ම හැකි ේලාවන් වල සමස්තය සංස්කෘතිය යි "HD/MED/2016/2017/071

Monday, October 23, 2017

බහු සංස්කෘතික අධ්‍යාපනය
අසාධාරණයට ලක් වූ නැත හොත් පීඩිත සමාජ කොටස් නියෝජනය කෙරෙන සිසුන් පාසල් අධ්‍යාපන ක්‍රියාවලියේදී සාමුහිකව වැඩ කිරීම සදහා යොදා ගන්නා ක්‍රියාවලීන් සමුදායක් සදහා බහු සංස්කෘතික සංකල්පය යොදා ගත හැක.
සමාජයක් තුළ  විවිධ ආගම් විවිධා භාෂා,විවිධ කුළ,විවිධ ආර්ථික මට්ටම්,ඇති විවිධ ජාතීන් ජීවත්වන විට බහු විධ සමාජ ලෙස නම් කරයි.
මෙසේ ජාති වශයෙන්,වර්ග වශයෙන්,ආගමික වශයෙන්,භාෂා වශයෙන් කුල වශයෙන් බෙදී තිබෙන  එහෙත් එකට ජීවත්වන සමාජ බහු සංස්කෘතික සමාජයන් වේ.
21 වන සියවසේ ගෝලීයකරණය වූ සමාජයක් තුළ ඇතිවන්නා වූ ගැටළු වලට විසදුම් සෙවීම කළ යුතුය.බහු සංස්කෘතියක් තුළ ඇති වන මෙම ගැටළු වලට පිළිතුරු සෙවිය හැක්කේ බහු සංස්කෘතික අධ්‍යාපනයක් තුළිනි.
විවිධ භාෂා කථා කටන,විවිධ ආගම් නියෝජනය කෙරෙන එසේම විවිධ ජන කොටස්වලට අයත් වන ශිෂ්‍යයාට එක හා සමාන වූ අධ්‍යාපන අවස්ථාවක් ලබා දීම බහු සංස්කෘතික  අධ්‍යාපනය තුළින් සිදු වේ,මෙහිදී විවිධ සංස්කෘතීන් වලට අයත් පුද්ගලයන්ගේ සාහිත්‍යයන්,අගයන් හා පර්යාලෝකනයන් අන්තර්ගත වන ආකාර්යෙන් ඉගැන්වීම  කරනු ලැබිය යුතුය.මෙම ස්ත්‍රී පුරුෂ බව,සමාජ පන්තිය,වර්ගය,ජාතිය හා සංස්කෘතික ගති ලක්ෂණ නොසලකා හැර සෑම සිසුවෙකුටම අධ්‍යාපනය  ලැබීමට සමාන අවස්ථා ලබාදීම කළයුතුය.
මෙසේ අධ්‍යාපනය ලබා දීම තුළින් ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන්නාවූ අරමුණු කීපයකි.
1.සිසුන්ට තමන්ගේ මෙන්ම අන්‍ය සංස්කෘතීන්ට සහ අගයන්ට ගරු කිරීමට ඉගැන්වීම 
2.බහු සංස්කෘතික සමාජයක් සාර්ථකව ක්‍රියාකාරී වීම සදහා ඉගෙනීමට සියළු ළමුන්ට උදව් කිරීම.
3.වර්ගවාදය මගින් පීඩා විදින ළමයි තුළ ශුභවාදී ආත්ම සංකල්පයක් ඇති කිරීම

4.විවි සංස්කෘතීවලට අයත් මිනිසුන් සමග සමස්ත ප්‍රහාව තුළ සිවිශේෂී කොටස් වශයෙන් එකට වැඩ කිරීම දිරිමත් කිරීම

Saturday, October 14, 2017

බහු සංස්කෘතික අධ්‍යාපනය


ශී  ලංකාවේ පාසල් තුල බහු සංස්කෘතික අධ්‍යාපනය කොතරම් දුරට කියාත්මක වන්නේ ද?

සෑම ළමයකුටම ස්වකීය අධ්‍යාපන කාර්යයේදී සම අවස්ථා ලබාදීම පතීපත්තියක් ලෙස පිළිගනු  ලැබේ. මින් අදහස් වන්නේ  වයස, දක්ෂතා හා අභියෝගතාවයන් අතින් ඵක සමාන වු සෑම දෙනාටම සමාන වු අවස්ථාවන් සැලසීමයි. 

නමුත් පන්ති භේද , භාෂා භේද,  ජාති , වර්ණ ,කුල  භේද,  විවිධ පාසල් වර්ග,  දේශපාලන,  ආර්ථික  හා සමාජීය වශයෙන් පවතින භේද නිසා අධ්‍යාපනයේදී ද විවිධ  බාධක  පැන නැගී ඇත. මෙවැනි බාධක මධ්‍යයේ අධ්‍යාපනයේ සම අවස්ථා සලසාදීමට ශී ලංකාව දරණ ප්රයත්නය ද අපේක්ෂිත පරිදි මෙතෙක් සාර්ථක වී නැත. වාර්ගික,ආගමික, විවිධ භාෂා කථා කරන සහ වෙනත් ජන කොටස් ඇතුළු සියලු ලාංකිකයන් අතර සහයෝගය හා විශ්වාසයන් නංවාලීමෙන් ජාතියේ සමගිය තහවුරු කිරීමට ඉගැන්වීම,අධ්‍යාපනය ලබා  දීම සෑමට සාධාරන විය යුතුය. එහිදී  බහු සංස්කෘතික සමාජය  තුළ විවිධතා දක්නට ලැබෙන අතර අධ්‍යාපනයේදී  සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන නීශ්චිත අරමුණු සාර්ථකව ඉටු නොවූ විට විවිධ අධ්‍යාපනික ගැටලු මතු වේ.


ආර්ථික  බලපෑම

සැමට  අධ්‍යාපනය ලබා දීම හා සම අධ්‍යාපන සංකල්පය කොතෙක් වැදගත් වුවද අපේක්ෂිත මටිටමින් බොහෝ අවස්ථාවන්හි එවා කීයාත්මක නොවුණ බැව් පෙනේ. ප්රාතමික අවදියේ සිට විශ්ව විද්‍යාල උපාධිය ලබා ගැනීම දක්වා නිදහස් අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය තිබුණ ද දැනට පවතින ආර්ථික තත්ත්වය හා සමාජ ක්රමය සංවර්ධනාත්මක පසුතලයක් මේට නොසපයයි. අධ්‍යාපනයේ වරප්‍රසාදයන්ගෙන් උපරීම ඵල නෙලා ගැනීමට අතයවශය වුවද දිළිඳු ජනතාවට නොහැකි වී ඇත.

නව අධ්‍යාපන පර්තිසංස්කරණයන්හී පර්මුඛ ලක්ෂණයක් වන්නේ සෑමට අධ්‍යාපනය සලසාදීමේ හා  සම අධ්‍යාපන අවස්ථා සලසා දීම කෙරෙහි යොමු  කර ඇති අවසානයයි. නුගත්කම සහමුලින්ම  තුරන් කිරීමට ශී ලංකා ආන්ඩුවක්රම වියවස්ථාව මගින්  රාජ්‍ය ප්රතිපත්තියක් ලෙස පිළිගෙන ඇත.

 බහු සංස්කෘතික රටක් වන ශී ලංකාවද එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම්  පර්ඥතියට අත්සන් තැබීමෙන් සියලු  දරුවන්ට අධ්‍යාපන පහසුකම්  ලබා දීමට රජය බැදී සිටි නමුත්  එහි විෂමතාවයන් රාශීයක් දක්නට ලැබේ.

කුල භේද, පංති භේද, ජන වර්ගය වැනි
හේතු  නිසා ශිෂ්‍යයින්ට අධ්‍යාපනයේදී නොලැබෙන අවස්ථා අවම කර ගැනීමට  සියලු  පාර්ශවකරුවන් වගබලා  ගත යුතුය.

උදා:- විවිධ ජාතීන්ට අයත් ළමුන් ඉගෙනුම ලබන පාසල්, පාසල්  අතර කීඩා, විවිධප්රසංග, ශිෂ්‍ය  කඳවුරු, විවිධ  උත්සාහ  වැනි වැඩසටහන්  ක්‍රියාත්මක කළ යුතුය.

මෙහිදී  විෂයමාලා සම්පාදනයේදී  හා ක්‍රියාත්මක කිරීමේදී එවන් අවස්ථා  සම්පාදනය විය යුතුය  . එමෙන්ම ඇතැම්  පාසල්වල විවිධ ජන වර්ග ඉගෙනුම ලැබුවත් ඇතැම් පාසල්වල  ඒ ඒ ජාතීන්ට පමණක් සීමා වී ඇත  . ඒ නිසා ජාතීන් අතර සහයෝගය වර්ධනය කිරීමට අධ්‍යාපනය මුල් විය යුතුය.  එහිදී


  • හැම මානව කණ්ඩායමකටම ගරු කිරීම. 
  • සෑම දෙනාටම සම අවස්ථා ලැබීම .
  • ඇති කර ගන්නා ලද වැරදි ආකල්ප වෙනස් කිරීමට . 
  • ශිෂ්‍යයි න් බල ගැන්වීමට. 
  • ගුරුවරුන්ගේ  දැනුම  යාවත්කාලීන  කිරීමට. 
  • සෑම ළ මයකුටම වෙනස්කම්වලින් තොරතුරු සමාන අවස්ථා ලැබෙන අධ්‍යාපනයක් ලැබීමට. 

ශ්‍රී ලංකාවේ පාසල් තුළ බහු සංස්කෘතික අධ්‍යාපනයේදී ඉහත අවස්ථා කෙරෙහි අඩු අවධානයක් පවතින බවක් දක්නට හෙයින් පර්ජාතන්තවාදී මුලධර්මයන් හා වීශ්වාසයන් ආරක්ෂා කිරීම හා සංස්කෘතික බහුවිධවාදය නියෝජනය වන හා ඒකීයත්වය ඇති කිරීම, පර්ජාතන්තවාදී බව ආරක්ෂා කිරීම බහු සංස්කෘතික අධ්‍යාපනයෙන් සිදුවිය  යුතුය. 

  • භාෂාව මිනිසුන් වෙන් කිරීමක්  නොව මිනිසුන්  එක් කරන පාලමක් විය යුතුය. 

A.M.C අමරතුංග
HD/MED/16/17/005

බහු සංස්කෘතික අධ්‍යාපනය

බහු සංස්කෘතික අධ්‍යාපනය
බහු සංස්කෘතික අධ්‍යාපනය යනු
1970/80 දශකයේ පමණ ලෝකයේ නව තාවයන් හා සමග බහු සංස්කෘතික අධ්‍යාපනය ගැන කතාවෙන්නට පටන් ගත්තේය. මේ සදහා හේතු වූයේ සමාජය දිනෙන්දින සංකීර්ණ වීමය. එකම රටක බහු සංස්කෘතියක් පැවතීම තුළ එකට ජීවත්වීමේ දී ඇතිවන මතවාදයන් හා ගැටුම් අවම කරමින් සාමකාමී සමාජයක් පවත්වාගනිමින් යාමට මෙම සංකල්පය අධ්‍යාපන ක්ෂෙත්‍රයේ ක්‍රියාත්මකවීම ආරම්විය.         
බහු සංස්කෘතික අධ්‍යාපනයක් පවතින්නේ බහු සංස්කෘතික් පවතින සමාජයේය. බහු සංස්කෘතික සමාජයක් ඇතිවීම කෙරෙහි කරුණු ගණනාවක් ම බලපාන්නේය.
  • ස්වභාවික ජන සංක්‍රමණ
  • දේශගවේෂණ
  • වෙළදාම.
  • වෙළදමාර්ග සොයා ගැනීම.
  • වහලුන් හා ශ්‍රමිකයන් රැගෙනයාම.
  • අධිරාජ්‍යවාදය
යන කරුණු ගණනාවක් ම බලපාන්නේය.
මෙසේ ගොඩනැගෙන බහු සංස්කෘතික සමාජයක ලක්ෂණ 03 ක් දැකිය හැකිය.
  • බහු ජාතික සමාජය
  • බහු භාෂීය සමාජය
  • බහු ආගමික සමාජය වශයෙනි.
මෙවැනි ලක්ෂණයන්ගෙන් සමන්විත සමාජයක ක්‍රියාත්මක අධ්‍යාපනය බහු සංස්කෘතික අධ්‍යාපනය ලෙස හැදින්වේ. අධ්‍යාපනයේ දී සියලු ම විවිධත්වයන් සලකා බලමින් ඉගැන්වීම් කටයුතුවල නිරතවන අධ්‍යාපනය බහු සංස්කෘතික අධ්‍යාපනය ලෙස හැදින්වේ.
බහු සංස්කෘතික අධ්‍යාපනය පිළිබද විවිධ නිර්වචනයන් ඇත.
'විවිධ සංස්කෘතීන් වලට අයත් පුද්ගලයන්ගේ සාහිත්‍ය අගයන් හා පර්යෙවලෝකනයන් අන්තර්ගතවන ආකාරයෙන් ඉගැන්වීම' බහු සංස්කෘති අධ්‍යාපනයයි. - Banks and Banks ( 1995 ) -
          මේ අනුව රටක අධ්‍යාපන ප්‍රතිපත්ති මගින් මේ සෑම සංස්කෘතියකට ම ගරුකරන ගරුකළ හැකි අධ්‍යාපන ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීම බහු සංස්කෘතික අධ්‍යාපනය ලෙස හැදින්විය හැකිය. මෙසේ යොදාගන්නා අධ්‍යාපන ප්‍රතිපත්ති මගින් තුන් ආකාරයක බලපෑමක් ලැබෙන බව පිළිගැනීමයි. එනම්
  1. අධ්‍යාපනය මගින් බහු සංස්කෘතික පරතරය තුනී කිරීම.
  2. සියලු ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබා දී වෙනස පවත්වාගෙන යාම.
  3. සමාජයේ පවත්නා උස් පහත් භේදය ඒ ආකාරෙයන් ම පවත්වාගෙන යාම.
එක් එක් රටවල් මෙම ක්‍රමවේදයන්ට අනුව යමින් මින් කුමක් හෝ අනුගමනය කරමින් කටයුතු කරන්නේ ය.
බොන් කේ බහු සංස්කෘතික අධ්‍යාපනය ගැන මාන පහක් පෙන්වා දී ඇත.
  1. විෂයමාලාවේ අන්තර්ගතය
  2. දැනුම සංවර්ධනය කිරීම.
  3. පූර්ව නිගමනවල එල්බ සිටීම අවමවීම.
  4. ඒකීයත්වයක් ඇතිවන ආකාරයෙන් කටයුතු කිරීම.
  5. පාසල් සංස්කෘතිය බල ගැන්වීම.
     මෙම මානයන් බල ගැන්වීම මත බහු සංස්කෘතික අධ්‍යාපනය ද බල ගැන්වෙනු ඇත. මේ අනුව බහු සංස්කෘතික අධ්‍යාපන ක්‍රියාවලිය ශිෂ්‍යයා තුළ එය අගය කරන සිතුවිලි ගොඩනැගීමට මෙන් ම ක්‍රියාකාරීත්වය තුළින් ප්‍රකට වන පරිදි ගොඩනැගිය යුතුය. මේ සදහා බොහෝ ක්‍රියාකාරකම් අධ්‍යාපන පද්ධතිය තුළ සිදු කළ යුතු වන්නේය.
  • හැම මානව කණ්ඩායමකටම ගරු කිරීම.
  • විෂයමාලා සමාන අවවස්ථා ලබාදීම.
  • පාසල්වලට භව්තික සම්පත් සමානව ලබාදීම.
  • ජාති ආගම් සංස්කෘතිකමය වශයෙන් ඇති මතයන් පොදු මතයකට ගෙනඒම.
  • පීඩාවට පත්ව සිටින ශිෂ්‍යයින් බල ගැන්වීම
  • ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීන කිරීම.
  • සෑම ශිෂ්‍යෙයකු තුළම ඉහළ බලාපොරොත්තු ඇති කිරීම.
මේ අනුව මෙම ක්‍රියාකාරකම් මගින් අධ්‍යාපනය තුළින් බහු සංස්කෘතීන් ට ගරුකරන සමාජයක් ගොඩනැංවීමට අවශ්‍ය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම බහු සංස්කෘතික අධ්‍යාපනය ලෙස හැදින්වේ.



02. බහු සංස්කෘතික අධ්‍යාපනය ශ්‍රී ලංකාවෙ ක්‍රියාත්මක වන අකාරය

ශ්‍රී ලංකාව යනු බහු සංස්කෘතික රටකි. බහු ජාතීන් සිටින, බහු භාෂා කථාකරන, බහු අගමිකයන් සිටින ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික රාමුව තුළ කෙතෙක් දුරට බහු සංස්කෘතික අධ්‍යාපනික සංකල්පයන් ක්‍රියාත්මක වන්නේ දැයි විමසා බැලීමේ දී අඩු වැඩි වශයෙන් ලක්ෂණයන් දැකිය හැකිය. එහි දී මූලික වශයෙන් පාසල් වර්ගීකරණය පිළිබද අවධානය යොමු කළ යුතුව ඇත. ලංකාවේ පාසල් ජාතීන් හා ආගමිකයන් වශෙයන් බෙදා ඇත. මෙම විෂමතාවය පවත්වා ගනිමින් ම නොයෙක් යෝජනා ඉදිරිපත් වෙමින් ක්‍රියාත්මක කරන්නේ ය. ඒවා පහත සදහන් පරිදි සාකච්ඡා කළ හැකිය.

  • පාසල් වර්ගීකරණය
  • පාසල් නාම කරණය
  • විෂය නිර්දේෂ
  • කලාත්මක විෂයයන් මගින්
  • විෂය සමගාමී ක්‍රියාකාරකම්
  • දෙවන බස හදුන්වා දීම.
  • ද්වී භාෂා සංකල්පය හදුන්වා දීම.
  • භාෂා ප්‍රවීනතා හදුන්වාදීම.
  • ළමා මිතුරු පාසල් සංකල්පය
  • අන්තර්කරණ අධ්‍යාපනය

ඒ අනුවව ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික ප්‍රතිපත්ති මගින් බහු සංස්කෘතික සමාජ පරතරය අවම කිරීමට උත්සාහ කරනුයේ සියලු දෙනාට සමාන අවස්ථා ලබා දීමෙනි. එහෙත් වෙනස එලෙසම පවතින්නේය. මෙයට උදාහරණ රැසක් පෙන්වාදිය හැකිය. පාසල් වර්ගීකරණය හා නාම කරණය එක් උදාහරණයකි.

  • සිංහල පාසල්
  • මුස්ලිම් පාසල්
  • දෙමළ පාසල්
  • ජාත්‍යන්තර පාසල් (ඉංග්‍රීසි)
ආදී වශයෙන් බෙදී ඇත. මෙම වර්ග ද ආගමික වශයෙන් නැවත බෙදා ඇත.

  • සිංහල බෞද්ධ පාසල්
  • සිංහල කතෝලික පාසල්
  • හිංදු  පාසල්

වශයෙන් නාම කරණයන් ට ලක් වී ඇත. මෙම පාසල් සංස්කෘතිය නිසා ම සමාජ සංහිදියාව ඇතිකිරීමේ බාධා මතු වන්නේය.

කෙසෙ වෙතත් මෙම පරස්පරතාවයන් දුරලා සංස්කෘතීන් අතර සමීප බවක් ඇතිකිරීමේ අරමුණින් ප්‍රතිපත්ති හා වැඩසටහන් ගණනාවක් ම ක්‍රියාත්මක වන්නේය. ඒ අතර පාසල් විෂයමාලාවෙන් හා විෂය බාහිර ක්‍රියාකාරකම් තුළට ජාතික උත්සව හා ආගමික උත්සව සංවිධානය කිරීම ප්‍රමුඛ වැඩසටහනකි. මෙහි දී හිංදු පාසලක සිංහල ළමුන් සම්බන්ධ කරගනිමින් සිංහල අවුරුදු උත්සවයක් සංවිධානය කිරීම ද සිංහල පාසලක දෙමළ ළමුන් සම්බන්ධ කරගනිමින් හිංදු අවුරුදු උත්සවයක් හෝ ආගමික උත්සවයක් සංවිධානය කරමින් සංස්කෘතික රසාස්වාදනය ලබාදෙමින් සංස්කෘතික අගයන් බෙදාගැනීමේ අවස්ථාව ලබාදෙන්නේය.

          මීට අමතරව දෙවන බස හදුන්වාදීම ද එක් බහු සංස්කෘතික අධ්‍යාපනික අංගයක් ලෙස හැදින්විය හැකිය. සිංහල මාධ්‍යයෙන් ඉගෙනගන්නා දරුවන් දෙවන බස ලෙස දෙමළ භාෂාව ද දෙමළ භාෂාවෙන් ඉගෙනගන්නා  දරුවන් දෙවන භාෂාව ලෙස සිංහල භාෂාව ද ඉගෙනගත යුතුව ඇත. පාසෙල් 09 ශෙණිය දක්වා අනිවාර්යයෙන් ම ඉගෙනගත යුතුය. එසේම මේ වනවිට රාජ්‍ය සේවයේ නියුතු හා රාජ්‍ය සේවයට එන සේවකයින් සදහා දෙවන භාෂා ප්‍රවීනත්වය ලබාගැනීම අනිවාර්ය කර ඇත. එය සාධනීය ප්‍රවේශක් ලෙස හදුනාගත හැකිය.

වර්තමානය වනවිට ජාතීන් අතර සන්නිවේදන පහසුව හා සංස්කෘතික සහෙයෝගිතාවය වර්ධනය කරගැනීමට ද්විභාෂා සංකල්පය හදුවා දී ඇත. ඒ අනුව මැදහත් භාෂාවක් ලෙස ජාත්‍යන්තර භාෂාවක් වන ඉංග්‍රීසි භාෂාව යොදාගනිමින් එයින් අධ්‍යාපනය හැදෑරීමට අවස්තාව ලබාදී ඇත. මෙහි දී තම මව් බසට අමතරව ජාත්‍යන්තර භාෂාවක් හැදෑරීම සිසුන් අතර සන්නිවේදන හා සංස්කෘතික සම්බන්ධතා ශක්තිමත් කිරීමට හේතුවනු ඇත. වර්තමානයේ විශ්ව විද්‍යාල තුළ ද සංස්කෘතික සබධතාවයන් ශක්තිමත් කිරීමට බාධාවක් ව පවතින්නේ භාෂා ප්‍රශ්නය නිසාය. මේ අනුව කුඩාකළ සිටම අතරමැදි භාෂාවක් ලෙස ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීම අනාගතයේ යහපත් ප්‍රතිඵල සහිතවීමට හේතු වනු ඇත.

මීට අමතරව පුරවැසි අධ්‍යාපනය විෂයය තුළින් රටේ බලපවත්නා පොදු නීති පද්ධතිය හා ජාතීන් වශෙයන් බලපාන නීති ද හදුනාගත හැකිය. එසේ ම මානව හිමිකම් හදුනාගනිමින් අනෙකාට ගරු කිරීමේ ගුණාංග ඉගෙනගනු ඇත. එසේ ම සවුන්දර්යය විෂයන් මගින් ද බහු සංස්කෘතික අධ්‍යාපනය ලබා දෙන්නේය. චිත්‍ර, සංගීතය, නර්තනය වැනි විෂයයන් මගින් අනෙක් සංස්කෘතීන් ට අදාළ චිත්‍ර සම්ප්‍රදායන්, සංගීත හා නර්තන සෛලීන් හැදෑරීමේ අවස්තා ලබාදී ඇත. බහු සංස්කෘතික අධ්‍යාපනයේ තවත් සාධනීය ලක්ෂණයක් ලෙස ළමා මිතුරු පාසල් සංකල්පය හා ප්‍රෙවේශය හැදින්විය හැකිය. එහි එන පළමු හා දෙවන මානයන් මේ සදහා මූලික වශයෙන් ඉවහල් වේ. අන්තර්කරණ අධ්‍යාපනය ද මේ සදහා යහපත් ප්‍රවෙශයකි. ඒ අනුව භාෂා, ආගමික, කායික හෝ මානසික වෙනස්කම් නොසලකා එකම පංති කාමරයක ඉගෙනීමේ අවස්තා ලබා දී ඇත.
බොහෝ පාසල් ඒ ඒ පාසලේ සංස්කෘතියට අනුව යමින් උදෑසන ආගමික වතාවත් කරන අතර සමහර බහු සංස්කෘතිය අගයන පාසල් තමාගේ කැමැත්ත පරිදි ආගම සිහිකර  ගැනීමට අවස්තාව සලසා දී ඇත. එසේ ම සර්වාගමික සංකේත පාසල් තුළ ප්‍රදර්ශනය කිරීම ද මෙහි තවත් එක් සාධනීය අවස්තාවකි.

මෙසේ කරුණු ගණනාවක් ම ලංකාවේ බහු සංස්කෘතික අධ්‍යාපනික සංවර්ධනය කෙරෙහි ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙන්වාදිය හැකිය.

බී.ඉන්දසුමන හිමි
HD/MED/16/17/035